සැබවින්ම Premium smartphone එකක් යනුවෙන් අදහස් වන්නේ කුමක්ද? එහි ඇති නවීන තාක්ෂණයද? විශිෂ්ට නිමාවද? එසේත් නැත්නම්, නවීන ජීවන රටාවට ඔරොත්තු දීමේ හැකියාවද?
මින් පෙර වීදුරු සහ plastic බහුලව භාවිත වුවද, ඒවා පහසුවෙන් සීරීමට සහ කැඩී යාමට ලක් විය. එහෙත්, ඕනෑම දෙයකට ඔරොත්තු දෙන Metal smartphones, ඉහළ ක්‍රියාකාරිත්වය මෙන්ම භාහිර පෙනුම යන දෙකම එක සේ සපුරාලීමට සමත්විය. මේවාහී සිහින් නිමාව මෙන්ම ඕනෑම දෙයකට ඔරොත්තු දීමේ හැකියාව නිසා භාහිර අලංකාරය පමණක් නොව, කල් පැවැත්මද සහතිකයි.
නවීන තාක්ෂණයත් සමඟ අද වන විට smartphone එකක් යනු හුදෙක් උපකරණයක් පමණක් ම නොවෙයි; එය අපි කැමති style එක වගේම අපේ ජීවන රටාව කෙසේද යන්න භාහිර ලෝකයට කියාපායි. ක්‍රියාකාරීත්වය අරමුණු කරගෙන නිමවන නිර්මාණ යන සංකල්පය මත පදනම්ව, අනාගතයේදී නිර්මාණය වන උපාංග දිගු කාලයක් පවතින, විශිෂ්ට නිර්මාණය වනු ඇත. දැනටමත් වෙළඳපොළේ වෙනසක් සිදුවෙමින් පවතින අතර, ක්‍රියාශීලී ජීවිතයකට ගැළපෙන smartphone එකක් සොයන අය බොහෝවිට අපේක්ෂා කරන්නේ, වැඩි දියුණු කළ නිර්මාණයි.
කාර්යක්ෂමතාවට සහ කල්පැවැත්මට වැදගත් තැනක් හිමිවන නිසා, මේ වන විට metal නිර්මාණ හොඳම තේරීම ලෙස ඉදිරියට පැමිණ ඇත. ඒවා භාහිර අලංකාරයට අමතරව ඔරොත්තු දීමේ හැකියාව වගේම ගුණාත්මක නිර්මාණ වීම එයට හේතුවයි. Smartphones නිර්මාණයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට Armor Alloy Metal Frame සහිත දුරකතන සමත් වී තිබෙන අතර ඒවා ශෛලියට වගේම ක්‍රියාකාරිත්වයටද නව මිණුම් දණ්ඩකි.
මෙම නව ප්‍රවණතාවයේ පෙරමුණේ සිටින්නේ NOTE 50 smartphone එකයි. එය උසස් තාක්ෂණය සහ දක්ෂ ඉංජිනේරු විද්‍යාවේ සාර්ථකත්වය ලොවට කියාපායි. Armor Alloy Ultra Resilient Metal වලින් නිමවා ඇති එය, ශක්තිය සහ නවීනත්වය අතර පරිපූර්ණ නිර්මාණයකි. සාම්ප්‍රදායික smartphones materials මෙන් නොවෙයි, මෙය සීරීම්වලට ඔරොත්තු දෙන, දිගුකාලයක් පවතින භාහිර පෙනුම මෙන්ම, පුදුම සහගත ලෙස සැහැල්ලු නිමාවකින් සමන්වත වන නිසා ඉතා පහසුවෙන් දෛනික අවශ්‍යතා සපුරාලීමට සමත් වේ. මෙය හුදෙක් smartphone එකක් පමණක්ම නොවේ; දිගු කල්පවතින අනාගත මෙවලම්වල අලුත්ම අර්ථ දැක්වීමයි.